අයර්ලන්තයට කඩුලු 6ක පෙරළිකාර විශිෂ්ට ජයක්..

ස්කොට්ලන්තයට එරෙහිව අයර්ලන්තයට කඩුලු 6ක පෙරළිකාර විශිෂ්ට ජයක්..

by Staff writer 19-10-2022 | 4:12 PM

COLOMBO (News 1st) –  2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව අද(19) පැවති සුදුසුකම්  ලැබීමේ තරගයෙන් අයර්ලන්තය කඩුලු 6 පෙරළිකාර විශිෂ්ට ජයක් වාර්තා කළේය. 

තරගයේ B කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක් වූ මෙය හෝබාර්ට්හීදි පැවැත්විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176 කි.

මයිකල් ජෝන්ස් ලකුණු 86 ක් රැස් කළේ ය.

නායක රිචී බෙරින්ටන් ලකුණු 37 කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 19 අවසානයේ කඩුලු 4ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. 

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කර්ටිස් කැම්පර් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය. 

ජෝර්ජ් ඩොක්රෙල් ලකුණු 39ක් රැස් කළේය.