යක්කලමුලලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

යක්කලමුලලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

by Staff writer 19-10-2022 | 6:00 PM

COLOMBO (News 1st) – ගාල්ල, යක්කලමුල්ල, කළුවලගල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් කුඩා ළමයෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි. 

මියගොස් ඇත්තේ අවුරුදු 33 ක පුද්ගලයෙකි. 

සිද්ධියෙන් තුවාල ලැබූ වයස අවුරුදු 04 ක් සහ 24 හැවිදිරි පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.