.webp)
COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට(UAE) එරෙහි තරගය ශ්රී ලංකාව ලකුණු 79කින් අද(18) ජය ගත්තේ ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස් කළේ ය.
වේගවත් ඉනිමක් ක්රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 60කින් ලකුණු 74කි.
ධනංජය ද සිල්වා ලකුණු 33ක් ලබා ගත්තේ ය.
දඟ පන්දු යවන ක්රීඩක කාර්තික් මෙයියප්පන් කඩුලු ත්රිත්වයක් ලබා ගත්තේය.
ඒ, භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානකගේ කඩුලු ලබා ගනිමිනි.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට දුෂ්මන්ත චමීර ප්රමුඛ ශ්රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.
එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3ම දවා ගත්තේ දුෂ්මන්ත චමීර යි.
වනිඳු හසරංග ලකුණු 8ට කඩුලු 3කි.
දුෂ්මන්ත චමීර ලකුණු 15ට කඩුලු 3ක් දවා ගත්තේ ය.
පන්දුවාර 17යි පන්දුවක් අවසානයේදී එක්සත් අරාබි එමිර් කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියේ ය.
තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංකට හිමිවිය.