හිටපු ජනපති මෛත්‍රීට සහ දයාසිරිට නොතීසී..

හිටපු ජනපති මෛත්‍රීට සහ දයාසිරිට නොතීසී..

by Staff writer 13-10-2022 | 5:57 PM

COLOMBO ( News 1st ): ලබන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට නොතිසී යැවීමට කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (13) නියෝග කළා ය.

ඒ, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනුකළ නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය.

වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනුකර තිබූ නඩුවකදී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ විනිසුරුවරිය එම නියෝගය නිකුත් කළා ය. 

විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළේ ඔවුන් දෙදෙනා ඇතුලු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතිසී යැවීමටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මධ්‍යම කාරක සභා සාමාජික, දේශපාලන මණ්ඩල සාමාජික සහ බදුල්ල දිස්ත්‍රික් නායක ඇතුළු තමන් දැරූ සියලු තනතුරු තවමත් දරන බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා නඩුවෙන් ඉල්ලා තිබේ.