සිසුන්ට පාසල් වේලාවෙන් පසු වෘත්තීය අධ්‍යාපනය

සිසුන්ට පාසල් වේලාවෙන් පසු වෘත්තීය අධ්‍යාපනය

by Staff writer 12-10-2022 | 6:10 AM

COLOMBO (News 1st) - පාසල් කාලයෙන් අනතුරුව සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

එහි අතිරේක ලේකම් මහින්ද යාපා මහතා පැවසුවේ, නියමු ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 7 ක ආරම්භ කළ බවය.

එම සිසුන්ට දිවා ආහාරය ලබාදීමට ද පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ, මීට සමගාමීව පාසල් වේලාවෙන් අනතුරුව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා ද විවිධ වැඩසටහන් සකස් කර ඇති බවය.