යූරියා ටෙන්ඩරය ගැන සාකච්ඡාවට සූදානම්

යූරියා ටෙන්ඩරය ගැන ජවිපෙ සහ සජබ සමග අදත් සාකච්ඡාවට සූදානම් - මහින්ද අමරවීර

by Staff writer 12-10-2022 | 6:44 AM

COLOMBO (News 1st)  - යූරිය පොහොර මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් තමන් අද (12) දිනයේත් ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු සඳහන් කළේ, ඊයේ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් ඔවුන්ට ඇරයුම් කළ ද කිසිවෙකුත් නොපැමිණි බවයි.

මේ අතර යූරියා පොහොර ආනයනය කිරීමේ ටෙන්ඩරය පිළිබඳ අභියාචනා මණ්ඩලය ඊයේ රැස්විය.

එහි තීන්දුව අද තමන් වෙත ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.