අහුංගල්ල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

අහුංගල්ල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

by Staff writer 12-10-2022 | 5:57 PM

COLOMBO (News 1st) - අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අද (12) දහවල් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි. 

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 45 හැවිරිදි  ත්‍රීරෝද රථ රියදුරෙකි.

තුවාලකරු මේවන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලීසිය සඳහන් කලේ, ඔහුගේ පාදයට වෙඩි වැදී ඇති බවයි.

වෙඩි තැඹීම සිදුවූ ස්ථානයේ තිබී T 56 වර්ගයේ උණ්ඩ 5ක් පමණ හමුවූ බව පොලීසිය සඳහන් කළේ ය.