.webp)
COLOMBO (News 1st) - 2022 ICC 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය MTV චැනල් පුද්ගලික සමාගමට හිමිවිය.
ඒ අනුව, ඔක්තෝම්බර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තරග 45ක් යුත් සම්පූර්ණ තරගාවලිය සජීවීව සිරස TV ඔස්සේ විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන විශේෂ මාධ්‍ය හමුව අද (11) පෙරවරුවේ කොළඹදී පැවැත්විය.
මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා සහ MTV ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය.