මහ කන්නයට දියවර නිකුත් කිරීම 20 වැනිදා

මහ කන්නයට අවශ්‍ය දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා සිට - මහවැලි අධිකාරිය

by Staff writer 11-10-2022 | 9:19 AM

COLOMBO (News 1st) - මහ කන්නයේ වී වගා කිරීම සඳහා මේ මස 20 වැනිදා ජලය නිකුත් කරන බව මහවැලි අධිකාරිය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සංවර්ධන නෙවිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, වැලිකන්ද, ගිරාඳුරුකොට්ටේ, සහ කලාවැව යටතේ මහවැලි H කලාපයටත් ජලය නිකුත් කරන බවයි.

ඊට අමතරව නාච්චාදුව සහ රාජාංගනය වැව් සඳහාද ජලය නිකුත් කරන බව ඔහු සඳහන් කළේ ය.

කලාවැව මේ වන විට 85% ක් ප්‍රමාණයක් ජලයෙන් පිරි තිබේ.

මෙවර හෙක්ටයාර් අනු හය දහස් හාරසිය තිස් අටක ප්‍රමාණයක වී වගා කිරීමට සැලසුම් කර ඇති බව නෙවිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.