උතුම් වප් පොහොය දිනය අදයි...!

බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සමරණ උතුම් වප් පොහොය දිනය අදයි...!

by Staff writer 09-10-2022 | 9:51 AM

COLOMBO (News 1st) - බුද්ධත්වයෙන් සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොවඩ වැඩම කළ බුදුරජාණන්වහන්සේ නැවතත් වස් පවාරණය කොට මනුෂ්‍ය ලොවට වැඩම කළ දිනය වප් පොහොය ලෙස බෞද්ධ ඉගැන්වීම තුළ හඳුන්වනු ලබයි.

බෞද්ධ දේශනාවේ සඳහන් වන පරිදි ,සිරිවර්ධන නම් තරුණයෙකු සමයේ මතුබුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුරදුන් හමුවේ පැවැදි වීම සිදුවූයේද  අදවන් වූ වප් පොහොය දිනයකදී ය.

එසේම  ඇසළ පොහොය දිනයේ දී වස් සමාදන් වූ සංඝයා වහන්සේලා පෙරවස් සමාදන්වන පොහොය දිනය ලෙසත් මේ  වප් පොහොය දිනයේදී හැඳින් විය හැක.

අදින් ඇරඹෙන ඉදිරි මාසයක කාලය තුළදී මුළු මහත් බෞද්ධ ජනතාව කඨින මහා පිංකම් කරමින් උතුම් කඨින පූජා පිංකම්වල නිරත වේ.

උතුම් වූ වප් පොහොය දිනය වෙනුවෙන්  දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ පිංකම් සංවිධාන කර තිබේ.