බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට

බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට

by Staff writer 09-10-2022 | 2:56 PM

COLOMBO (News 1st) - වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ, අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයී.

බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ධුරයට පත් කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදෙස්ගත වීම හේතුවෙනි.

ඒ අනුව ලබන 13 වැනිදා දක්වා බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ධුරයේ කටයුතු කරනු ඇති.