.webp)
COLOMBO (News 1st) - නබිනායකතුමන්ගේ ජන්ම දිනය අදට (09) යෙදී තිබේ.
ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මෙම දිනය සමරන්නේ ඉමහත් බැතියෙනි.
ක්‍රිස්තු වර්ෂ 571 දී නබිනායකතුමාගේ උපත සිදුවූයේ සෞදි අරාබියේ මක්කම නගරයේදීය.
ආමිනාතුමියට හා අබ්දුල්ලා යන අයටදාව උපන් දරුවා මුහම්මද් විය.
උපදින්ට පෙරම මෙම දරුවාගේ පියා මිය ගිය අතර වයස අවුරුදු 06 දී ඔහුගේ මව ද මියගියේ ය.
කුඩා කළ නිසි අධ්‍යාපනයක් නොලද මේ දරුවා තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළ අතර පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කළේ ය.
අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන්ද ප්‍රචලිතයි.
මුහම්මද්නබිතුමන්, සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබුණි.
අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවැරදි මගට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටුකළේ ය.