.webp)
COLOMBO (NEWS1ST): දේශීය කිරි පිටි මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ , අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව ග්‍රෑම් 400 දේශීය කිරි පිටි පැකට්ටුවක් වැඩි කර ඇත්තේ රුපියල් 100කින් ය.
කිලෝග්‍රෑම් 01 ක දේශීය කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් වැඩි කර තිබේ.
මේ අතර, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කළේ, රු.850කට තිබූ ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක්
950 කටත්, 2120කට තිබූ කිලෝග්‍රෑම් 01ක කිරි පැකට්ටුවක් 2350ක් දක්වා මිල ඉහළ යනු ඇති බවය.