ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර හෙට සිට..

ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර හෙට සිට..

by Staff writer 04-10-2022 | 7:54 PM

COLOMBO (NEWS1ST): ගම්මැද්ද ජනතාව වෙනුවෙන් අද(04) තවත් පියවරක් තැබුවේ ය.

ඒ, ජනතා ගැටලු සොයා යන මහජන ක්‍රියාන්විතය ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර දියත් කරමින් ය.  
 
ගම්මැද්ද ගෙයින් ගෙට 6 වන අදියර අද දියත් කෙරුණේ කොළඹදී පැවැති සර්ව ආගමික් වතාවත්වලින් පසුවයි.

මෙවරත් ගම්මැද්ද ගෙයින් ගෙට ගමනට පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සිටී. 
 
ගම්මැද්ද , අද වනවිට රටේ ලොකු කුඩා කවුරුත් හඳුනන්නේ ගමට වැඩක් කරන රට නගන ජන පවුර ලෙසය. 

ජනතාව සමග ජනතාව උදෙසා ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ සැබෑ අවශ්‍යතා සොයා බලමින් ය. 

එම සැබෑ අවශ්‍යතා ගම්මැද්ද හඳුන්ගත්තේ පස්වරක්ම පේරාදෙණිය සරසවිය සමග ක්‍රියාත්මක කළ ගම්මැද්ද ගෙයින් ගෙට විධිමත් අධ්‍යයනයකින් පසුවයි. 

කොවිඩ් ව්‍යාපෘතියත්, ආර්ථික දුෂ්කරතා මත මේ වනවිට රටේ ජනතාව විවිධාකාර ගැටලුවලට මුහුණ දෙමින් සිටී.  

එම ජනතාවගේ සමාජ, ආර්ථික ඇතුළු ප්‍රශ්න හඳුනා ගැනීමට ගම්මැද්ද යළි සූදානම්. 

ගම්මැද්ද ගෙයින් ගෙට 06  වන අදියර හෙට උදෑසන යාපනය , මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආරම්භ වේ.