.webp)
COLOMBO (NEWS1ST): අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය අද(04) පස්වරුවේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය.
ඒ , කැලණිය විශ්ව විද්‍යාලය ආසන්නයේදී ය.
මර්දනයට එරෙහිව සංවිධානය කර තිබු මෙම විරෝධතා පා ගමන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කර කිරිබත්ගොඩ නගරය දක්වා ගමන් කිරිමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් පැය 6කට පෙර විරෝධතා කිරීම සඳහා අවසර ලබා නොගැනීම නිසා පිරිසට විසිර යන්නයි පොලිසිය අවස්ථා දෙකකදී දැනුම් දුන්නේ ය.
එම නිවේදන නොසලකා පිරිස ඉදිරියට ගමන් කිරීමත් සමග පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.