.webp)
COLOMBO (News 1st) – අද(01) සිට සෑම සති අන්තයකම කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ක්රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළඟා වීමට නියමිතය.
පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය රාත්රී 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතව තිබේ.
එහි පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2,000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1500 කි.