ජනපතිගේ අමාත්‍යාංශවල වැඩබැලීමට රාජ්‍ය අමාත්‍යවරුන්

ජනපති යටතේ ඇති අමාත්‍යාංශවල වැඩ බැලීමට රාජ්‍ය අමාත්‍යවරුන්

by Staff writer 26-09-2022 | 9:04 AM

COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.  

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩ බලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ෂෙහාන් සේමසිංහ මහතාත්, වැඩ බලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස අනූප පැස්කුවෙල් මහතාත් , වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත්, වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාත් පත්කර තිබේ.  

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(26) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.