.webp)
COLOMBO (News 1st) – රුපියල් තුන් කෝටි දහ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව දිවයිනට රැගෙන ආ හිමිනමක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ය.
අදාළ භික්ෂූන් වහන්සේ රැගෙන ආ ගමන් මලු තුළ රුපියල් අනූ ලක්ෂයක් වටිනා ජංගම දුරකතන 218ක්, රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 08ක්, රුපියල් හය ලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි 06ක් සහ රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා රන් මාල 02 ක් හමුවී තිබේ.
23 හැවිරිදි අදාළ හිමිනම ඕමානයේ සිට දිවයිනට පැමිණ තිබේ.
නීතිවිරෝධීව ගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර, අදාළ හිමියන් දඩ නියම කිරීමකින් තොරව නිදහස් කෙරිණි.