.webp)
COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි ජනාධිපතිවරයා ඊයේ (20) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය හමුවී ඇති බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා පසුගිය 18 වැනිදා සහභාගී වි ඇත.
එහිදී ජනාධිපතිවරයාට ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.