සැමන්තා පවර් දිවයිනට..

US AID ආයතනයේ පරිපාලක සැමන්තා පවර් දිවයිනට..

by Staff writer 10-09-2022 | 10:19 AM

COLOMBO (News 1st) – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (USAID) පරිපාලක, සැමන්තා පවර්(Samantha Power) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

දෙදින තුළ ඇය ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති.

සැමන්තා පවර් මහත්මිය මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස ද කටයුතු කළා ය.