වැරදි බදු පනත් කෙටුම්පත සම්මත කළා නම් වෙන දේ මෙන්න... හර්ෂගෙන් අනාවරණයක්

by Staff writer 07-09-2022 | 1:23 PM

COLOMBO (News 1st) – පැවති දෝශයක් කිසිවෙකු නොදැන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ඊයේ (06)සම්මත කිරීමට  උත්හාස කළේ කොහොම ද? 

ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී හෙළි දරව්වක් කරමින් පැවසුවේ,  සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ, වැරදි සංශෝධන බවයි.  

''දේපළ වෙළඳාම හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපාරයට මේ බද්ද අයින් කරනවා කියන එක ඇත්ත වශයෙන්ම කරලා නෑ ලු.. එහෙම නම් මේක වැරදීමක් ලු, ඒ කියන්නෙ ඒ ගොල්ලො  ට්‍රාන්ස්ලේෂන් එක කරද්දි වැරදිලා ලු.  වැරදිලා ඒක කැපිල ලු ඒක පුදුම වැඩක්.. හැබැයි සඳුදා භාණ්ඩාගාරයෙන් මේක දැන ගත්ත ලු දැනගත්තහම සඳුදා උදේම කරෙක්ෂන් එක කරලා මේ පාර්ලිමේන්තුවට එව්ව ලු''
 
මන්ත්‍රීවරයා පැවසුවේ, ඊයේ සභාගත කර ඇත්තේ, එලෙස නිවැරදි කර යොමු කළ සංශෝධනය නොව වැරදි එකක් බවයි. 

''සඳුදා එව්වට සභාගත කරලා තියෙන්නේ ඒ එවපු එක නෙමේලු සභාගත කරලා තියෙන්නේ වැරදිච්ච එකලු මේවා 300 ක් ගහලා බෙදුවලු මම ප්‍රශ්නෙ අහනකල් පාර්ලිමේන්තුව මේක දන්නෙත් නෑ ලු. මුදල් අමාත්‍යාංශය දන්නේත් නෑ ලු. දවසක් තිස්සෙ මෙතන තිබිලා තියෙනවා. කොහොමද එහෙම වුණේ?''

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ, ඡන්දයකින් තොරව යම් හෙයකින් කෙටුම්පත සම්මත කළේ නම් , විශාල බදු ප්‍රමාණයක් ලබා ගැනීමට තිබූ  අවස්ථාව අහිමිවී යන බවයි. 

''ඕගොල්ල ඊයේ උත්සාහ කළේ, මේක ඡන්දයකින් තොරව සම්මත කරන්න ඡන්දයෙන් තොරව සම්මත කළා නම් අපි සම්මත කරන්නෙ, මේ සංශෝධන  එහෙම වුණා නම් විශාල බදු ප්‍රමාණයක් අපිට ලබා ගන්න තිබුණ හැකියාව නැති වෙනවා ඒක වුණේ තාක්ෂණික දෝෂයකින් නම් ඒක හොයලා බලන්න''