.webp)
COLOMBO (News 1st); ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (07) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
අද (07) පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම හමුවේදී දෙරට අතර සංචාරක සබඳතා වර්ධනය කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා වී ඇති අතර විවිධ අංශවලින් ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.
පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසුවේ, ඉන්දීය රජය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව කතානායකවරයා මහ කොමසාරිස්වරයා හමුවේ ස්තුතිය පළ කළ බවයි.
පාර්ලිමේන්තුව මහ ලේකම් ධම්මික දසනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිට ඇත.