.webp)
COLOMBO (News 1st) - 2022 වසරට අදාල අ.පො.ස. උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා දින නියම කර තිබේ.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 04 වැනි ඉරිදා පැවැත්වෙනු ඇති.
උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වැනි සඳුදා සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේය.