.webp)
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මූල්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් පැරිස් ක්ලබ් නොවන ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සම්බන්ධීකරණය කිරීමට ද පැරිස් සමාජ කණ්ඩායම කටයුතු කරනු ඇති බවයි.
දීර්ඝ කළ ණය පහසුකම් යටතේ මාස 48 ක කාලයක සැළැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති නිලධාරී මට්ටමේ ගිවිසුම පැරිස් සමාජය විසින් පිළිගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.