.webp)
මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ, රටේ උද්ධමනය පාලනය කිරීමත් උද්ධමනයට සරිලන ආකාරයට ආදායමක් ලබා ගැනීමට සැමටම අවස්ථාවක් සලසාදිය යුතු බවත් ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අදහස් පළ කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී මැති ඇමතිවරුන් ඇමතූ අවස්ථාවේදීයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
ණයවල වෙනසක් තියෙනවා ඒ දවස්වල ගත්ත ණයයි දැන් ගත්ත ණයයි. මූල්‍ය අරමුදල එන් ඩි බී එක worldbank එහෙම නැත්තම් ජපානය සියයට දශම දෙකට බින්දුවට දීපු ණය නිසා ණය ගෙවීමේ ලොකු බරක් නෑ. හැබැයි පසු ගිය කාලේ බැලුවම සහනදායි ණය අඩු වෙලා අපේ ආදායම වැඩි වෙනවත් එක්කම සහනදායි නොවන (commercial Borovins)කොමොෂල් බොරොවින්ස් කියන ඒවා වැඩි වෙලා 50% ට ආසන්න වෙනකම්ම වාණිජ ණය කියන එක වැඩි වෙලා තියෙනවා. එක තැනකට ඇවිල්ලා එගොල්ලො ණයදීම නවත්වපු හැටියෙම අපි බංකොලොත්. Treasury එක විදිහට රජයත් බංකොලොත් වෙන්වා රටක් බංකොලොත් වෙනවා ණය ගැනීමේ හැකියාව නැවතුන තැනදි. රජය ඕන තරම් වියදම් කරත් කමක් නැහැ අඩු ගානේ රටක් විදිහට විදේශ විනිමය උපයා ගත්තා නම් රටේ තියෙන අරගෙන ණය ගෙවන්න තිබ්බා. රටක් විදිහට ගත්තම පුද්ගලික අංශයයි රජය දෙකම එකතු කරලා විදේශ විනිමය උපයලා නෑ. අයි එම් එෆ් එකත් එක්ක ගිහිල්ලා අපි කියනවා අපි මේ පෙර වැරදි හදාගෙන ඔක්කොම ටික නිවැරදි කරන් මේවට එකඟවෙලා කරනවා ඊළඟ අවුරුද්ද තුළ අපිට ණයක් දෙන්න මේකෙන් ගොඩ එන්න. හැබැයි ඒක වුණ හැටියෙ අඩි දෙකක් පස්සට ගිහිල්ලා අර පරණ පුරුද්දට ආයෙත් සැරයක් රටේ අදායම වැඩි වෙනවා වියදම අඩු වෙනවා ආණ්ඩුව සහන දෙනඑක වැඩි වෙනවා. මිල වෙනස් කරන්නැ සංස්ථා පාඩු ලබනවා. එතකොට ආයෙත් සැරයක් එනවා දාසය පාරක් ලිහිල්ලා තියනවා දාසයවතාවක් අපිට ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. හැබැයි වාසනාවකට කිසිම වෙලාවක ණය අර්බුදයක් යනකම් මේතන ඉඳලා නැ. ඊට ඉස්සෙල්ලා අයි එම් එෆ් ගිහිල්ලා සල්ලි ටිකක් අරන් ගොඩ වෙලා ඉඳලා තියෙනවා ඊට පස්සේ ආයෙත් සැරයක් පරණ හොඳම උදාහරණය තමයි 2016, 17 අවුරුදුවල රටේ බදු වැඩි කරලා ආදායම වැඩි කරගෙන යම් කිසි ආකාරයකට ආවා ඊට පස්සේ 2019 ඔබතුමාලගේ රජය ආපු හැටියෙ මේක අනිත් පැත්ත ගැහුවා. ගහලා ආදායම් නැති කරගත්තා ඇක්සස් නැති කරගත්තා මාකට් එකේ. මේ සැරේ අයි එම් එෆ් එකට ගිහිල්ලා සල්ලි ටිකක් අරගෙන ලබන අවුරුද්දේ ගොඩ එන්න පුළුවන්. ආවා කියලා අපි මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ආයි අනිත් පැත්ත ගැහුවොත් මේක ඉවර වෙනකොට ආය අවුරුදු තුනකින් බැක්ටු ස්කැන් ප්‍රතිපත්ති රටක් විදිහට නිවැරදිව ක්‍රියාත්මක කරන්න තියන ප්‍රතිපත්ති මාලාවක් ඒක රජය මොකක් උනත් මේකනම් නිවැරදි ප්‍රතිපත්තිය ඒක ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යෑමේ සම්පූර්ණ වගකීම සහ අයිතිය තියෙන්නේ ඔබතුමාලට. නමුත් වෙලා තියෙන්නේ මොකද ඔබතුමාලා ජනතාව ළඟට ඡන්දෙට ගියාම කියන්නේ එ් කියපු එක වැරදි අපි මේක අනිත්පැත්ත හරවල බදු අඩු කරන්න තව සහන දෙන්නම් පෙට්‍රල් මිල වැඩි කරන්නැ ඩීසල් මිල අඩුවෙන් දෙන්නම්. කියලා පොරොන්දු වෙනවා. ජනතාව කැමති වෙනවා ඒකට ඔබතුමන්ලා පත්කරනවා ඔබතුමාලා ආවට පස්සෙ ඔබතුමාලගේ වගකීම ඒක ඩිලිවර් කරන එක. ජනතාවගේ නොදැනවීම එහෙම කරාම එක තවත් අමාරුවේ වැටෙනවා කියලා ජනතාවට තේරෙන්නේ නෑ. දෙන්නං අඩුවට කියලා ලාම්පුතෙල් අඩුවට දෙන්නං කියල කිව්වොත් ඡන්ද ලැබෙයි. ගිහිල්ලා කියන්න එක නෙමෙයි එක දෙන්න බැහැ දුන්නොත් අනිවාර්යෙන් ඔබතුමාලා තමයි ඔක ගෙවන්නේ. මේ වගේ අය වැය හිඟයක් 2020, 21 විදේශ ණයත් හම්බෙන්නේ නැතිවුණාම මුල්‍යනය කරන්න කිසිම ක්‍රමයක් නැහැ ඩිෆෝල්ට් (Default) කරන්නේ නැතුව. මහ බැංකුවෙන් රුපියල් අච්චු ගහලා දෙන්න ඔනේ ඒහෙම තමයි මේ 2022,2021 ගිහිල්ල තියෙන්නේ. ඒකෙ ප්‍රතිඵලය තමයි අද සියයට හැටට හැත්තෑවට උද්ධමනය. උද්ධමනයේ ප්‍රතිඵලය එන්නේ කාලයක් ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුගත කීරිමට එකඟතාවයකට ඇවිල්ලා අයි එම් එෆ් එකත් එක්ක යම්කිසි ආකාරය වැඩපිළිවෙළක් ගිහිල්ලා. යම්කිසි ආකාරයකට විදේශ විනිමය තාවකාලිකව හෝ අවුරුදු දෙක තුනක් ලබාගෙන ණය ගෙවීම කල් දාලා රටට යම් කිසි කිසි space එකක් ගන්න ඔනේ මේක නැවත back to normal එන්න. ඉදිරි මාස තුන යම්කිසි ආකාරයක පහසුකමක් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි අපි අර import restrictions දාලා තියෙන්නේ. ඒ මාස තුන හතරක කාලය ඉදිරියේදී පහසුවෙන්නේ නැ. ඊට අමතරව ඉකනොමික් ක්‍රන්ටැක් එකට අමතරව අපිට තෙල් මිල වැඩි කරන්න වෙනවා. Electricity ගාස්තු වැඩි කරන්න වෙනවා වතුර බිල වැඩි කරන්න වෙනවා. ඒවා මෙච්චර කල් කරන්නෙ නැතුව තිබිලා දැන් හිර වෙලා නෙකර බැරි තත්ත්වෙට ඇවිල්ලා තමයි දැන් කරන්න වෙලා තියෙන්නෙ. එතකොට පේන් එක වැඩි තව මේ වගේ ක්‍රයිසිස් එකකදී මුලින්ම ආරක්ෂා කරන්න ඔනේ Bottom of the Pyramid. Bottom එකේ ඉන්න අඩු ආදායම්ලාභී තියන අය මොකද ඒ මිනිස්සු පාරට බහිනවා ඊළඟට. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වුණාම මිනිස්සු ඕනම දෙයක් කරනවා. එතකොට එහෙම රැල්ලක් තාම අපේ රටේ ඇවිල්ල නෑ. ආවෙත් නෑ. පහුගිය කාලයේ අරගලය කියලා ආවේ වෙන රැල්ලක් ඒක නිකන් වෙන ගවර්නස් issueවලට වෙන වෙන දේවල්වලට ආපු එකක් මිසක් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැරිව ආපු එකක් නෙවෙයි. එ මැද පන්තියේ යම්කිසි ආකල්පමය වෙනස්වීමක් නිසා පාරට බැස්ස කොටසක් ඒ ඊළඟ රැල්ල දුප්පත් අඩු ආදායම් අයට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට ඇවිත් පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමෙන් කෙලවර වෙන්නේ. කාටවත් බැ ඒ කන්ට්‍රොල් කරන්න. ඒ නිසා තමයි වැදගත්ම දේ උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනයට සරිලන විදිහට ආදායමක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම හැමෝටම රටේ ඒක තමයි ඉදිරියට අභියෝගය
?"දුප්පත් අඩු ආදායම් අය ජීවත් වෙන්න බැරුව පාරට බැස්සොත්,ඒක ලේ වැගිරීමෙන් කෙළවර වෙන්නේ?"දුප්පත් අඩු ආදායම් අය ජීවත් වෙන්න බැරුව පාරට බැස්සොත්,ඒක ලේ වැගිරීමෙන් කෙළවර වෙන්නේ, කාටවත් බැ ඒ කන්ට්‍රොල් කරන්න"- මහ බැංකු අධිපති https://youtu.be/IRYEhpDwsmc #lka #SriLanka #SLnews #News
Posted by Newsfirst.lk on Saturday, September 3, 2022