යුරෝපා සංගමයෙන් ලංකාව ගැන නිවේදනයක්

අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය දීමට අපේක්ෂා කරනවා - යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය

by Staff writer 03-09-2022 | 7:37 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතාවයට පැමිණීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කරන්නේ, සිය සංගමය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට අපේක්ෂා කරන බවය.

එමෙන්ම අපනයන කර්මාන්ත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ හරිත ආර්ථිකයක් සඳහා සහයෝගය ලබාදීමට ද අපේක්ෂා කරන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.