බලපිටියේදී පුද්ගල ඝාතනයක්

බලපිටිය රෝහල ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 31-08-2022 | 9:54 PM

COLOMBO (News 1st)  - බලපිටිය රෝහල ඉදිරිපිට වෙඩි තැබීමකින් අද (31) රාත්‍රියේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඇති බවය.

මියගොස් ඇත්තේ බලපිටිය ගලගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

T 56 ගිනි අවියකින් ඔහුට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.