වැල්දෙණිය ගමට නව බලාපොරොත්තුවක්

වැල්දෙණිය ගමට නව බලාපොරොත්තුවක්

by Staff writer 26-08-2022 | 8:47 PM

COLOMBO (News 1st) - ගමට සේවය කරන ගම්මැද්ද අද (26) තවත් ගමක ව්‍යාපෘතියක වැඩ ඇරඹුවේ ය.

දුෂ්කරතා මැද කෑගල්ල, වැල්දෙණිය ගමට අද ගම්මැද්ද පැමිණියේ ය. 

ඒ, මේ ගමේ ජනතාවගේ ගමනා ගමන අවශ්‍යතාව වෙනුවෙන් පාලමක් හදන්නයි.

පාලමක් නැති වීම නිසා රබර් කර්මාන්තයෙන් යැපෙන ගමේ බොහෝ දෙනා මුහුණ දෙන දුෂ්කරතා එමටයි. 

වර්ෂා කාලයේදි ගම්මු ගමට කොටු වෙන්නේ ඇලේ ජල මට්ටම ඉහළ යාම නිසයි.  

මේ හේතුවෙන් ළමුන්ට අධ්‍යාපනය පවා අහිමි වේ.

මෙයට තියෙන එකම ස්ථිර විසඳුම පාලමක් නිසා අද ගම්මැද්දෙන් ඒ සඳහා මුල්ගල් තැබුණි.

මීට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ කුෂ්ලාණි අමරසූරිය මහත්මියයි.

ඉතාම ඉක්මනින් ගමේ හැමෝටම අලුත් පාලමකින් එගොඩත් - මෙගොඩත් යන්න පුළුවන් වේවි!