.webp)
COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයේ විදුලි බිල සහ ගෑස් මිල 80% කින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඒ, එරට උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමකදී ය.
මේ අතර, රුසියාව යුරෝපයට ගෑස් සැපයීම සීමා කිරීමත් සමග බ්‍රිතාන්‍ය ප්‍රබල ගෑස් අර්බුදයකට මුහුණපා සිටී.
බ්‍රිතාන්‍යයේ නිවාස මිලියන ගණනක්ම භාවිතා කරන්නේ, ගෑස් බලයෙන් ක්‍රියාත්මක බොයිලේරු ය.
බ්‍රිතාන්‍ය යෝර්ක් විශ්වවිද්‍යාලය සඳහන් කරන්නේ, ගෑස් මිල සහ විදුලි බිල ඉහළ යාම හමුවේ බ්‍රිතාන්‍යයේ නිවාස 58 %ක් ඉන්ධන දරිද්‍රතාව හමුවේ අවදානමට ගොඳුරු වන බවයි.
බ්‍රිතාන්‍ය 1982 සිට ඉහළම උද්ධමන අනුපාතිකයෙන් පීඩා විඳිමින් සිටින අතර , මේ වසර අවසානයේදී එය ඉහළ යන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරි මාසවලදී බ්‍රිතාන්‍යයේ උද්ධමනය 13% කින් පමණ ඉහළ යනු ඇති.
බ්‍රිතාන්‍ය ආර්ථිකය මෙලෙස අර්බුදයකට ලක්ව තිබෙන්නේ, අගමැති සටන පැවැත්වෙමින් පවතින පසුබිමක වීම විශේෂත්වයකි.
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා සැප්තැම්බර් 5 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.