ලැප්ටොප් 21ක් සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ලැප්ටොප් 21ක් සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 18-08-2022 | 1:29 PM

COLOMBO (News 1st) - වත්තල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක ගබඩාවත තිබූ ලැප්ටොප් පරිගණක 21 සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

26 හා 32 හැවිරිදි සැකකරුවන් ඇලකන්ද හා මාදින්නාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන්ගෙන් එක් අයෙකු අදාල ආයතනයේ සේවය කර ඇති අතර ඔහු අවස්ථා කිහිපයකදී පරිගණක සොරකම් කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

සොරකම් කළ පරිගණක යන්ත්‍රවලින් 13 ක් සොයා ගෙන තිබේ. 

සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 

සෙසු සැකකරු ඇප මත මුදා හැර තිබේ.