හෙට සහ අනිද්දා පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට සහ අනිද්දා පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක්..

by Staff writer 14-08-2022 | 3:37 PM

COLOMBO (News 1st) – හෙට(15) සහ අනිද්දා (16) පැයයි විනාඩි 20ක විදුලිය කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, ඒ අනුව, ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට සවස 5.00 සිට රාත්‍රී 9.00 අතර පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි.

මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන සතියේ මැද සිට යළි ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි. 

එම සංස්ථාව සඳහන් කළේ, මෙරටට ළඟා වූ බොරතෙල් නෞකාවේ ඇති බොරතෙල් පරික්ෂාවෙන් පසු, ගොඩබෑම් සිදු කරන බවයි.

ඒ අනුව, පිරිපහදුවේ කටයුතු ලබන සතියේ අඟහරුවාදා හෝ බදාදා වනවිට යළි ආරම්භ කිරිමට හැකිවනු ඇතැයි, එම සංස්ථාව සඳහන් කළේ ය.