චීන - ඉන්දු සබඳතා ගැන ජයශංකර්ගෙන් ප්‍රකාශයක්

සාමය කඩවෙන අයුරින් චීනය කටයුතු කළහොත් දෙරට අතර ඇති සබඳතාවලට බලපෑම් එල්ලවිය හැකියි - ඉන්දීය විදේශ කටයුතු ඇමති

by Staff writer 13-08-2022 | 12:02 PM

COLOMBO (News 1st) - දේශසීමා සම්බන්ධයෙන් සාමාන්‍ය තත්ත්වය නොමැතිව සාමය කඩවෙන අයුරින් චීනය කටයුතු කළහොත් දෙරට අතර ඇති සබඳතාවලට බලපෑම් එල්ලවිය හැකි බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා වැඩිදුරටත් පැවසුවේ, දෙරට අතර දේශසීමා සම්බන්ධයෙන් ඇති අර්බුදය උග්‍රවීම හේතුවෙන් ඉන්දීය හමුදා දේශසීමාවන් අසල ස්ථානගත කර ඇති බවයි.

සිය හමුදාවන් චීන දේශසීමාවන් ආසන්නයෙන් ඉවත් කර ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැවසුවේ ය.