.webp)
එහි සභාපති ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, ඒ හරහා දිවයිනේ ඕනෑම ප්රදේශයක ඉන්ධන තිබෙන පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවය.
දිනය තුළ ඉන්ධන පැමිණීමට නියමිතව ඇති පිරවුම්හල් ද එම නව යෙදවුම හරහා දැනගත හැකි වේ.
ඒ අනුව QR කේත ක්රමය යටතේ තමා පදිංචි ප්රදේශයේ පිහිටි ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බව ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, ඉදිරියේදී අදාල යෙදවුම (App) ජනතාවට හඳුන්වා දෙන බවයි.
ඊට අමතරව දිවයිනේ විවිධ ප්රදේශවලට විනෝද චාරිකා සඳහා ගමන් කිරීමේදී එම ප්රදේශවල පිහිටි පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි පරිදි නව ක්රමවේදයක් හඳුන්වා දීමට නියමිත බව ද ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ය.