.webp)

COLOMBO (News 1st) - අද(01) රාත්රියේ ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල - කොළඹ රාත්රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උඩරට දුම්රිය මාර්ගයේ ගල්බොඩ, වලපනේ සහ රොසැල්ල යන ප්රදේශවලදී දුම්රිය මාර්ගයට ගල් පෙරලී ඇති බවයි.
මේ හේතුවෙන් බදුල්ල - කොළඹ රාත්රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේනතුව සඳහන් කළේ ය.
