.webp)
මෙම මුදල් තොගය අධිකරණයට භාරදෙනු ලැබුවේ, කොම්පඤ්ඤ වීදිය පොලීසියේ පිහිටි කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය භාර පොලිස් අධිකාරීවරයා විසිනි.
මෙම මුදල් සති 3 ක කාලයක් අධිකරණයට භාරදීමට කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බව එහිදී ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා කොටුව පොලීසිය භාරයට පත් වූ මුදල් කොම්පඤ්ඤවීදිය පොලීසියේ විශේෂ ඒකකයක් හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට සාධාරණ හේතුවක් තිබේදැයි තම අධිකරණය නොදන්නා බව ද කියා සිටියේ ය.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී පොලිස්පතිවරයාට නියෝග කළේ, මෙම මුදල් භාරදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.
එම විමර්ශනයට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයා පත් කර ඒ සඳහා ඔහුට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ද පොලිස්පතිවරයාට නියෝග කෙරිණි.
?ජනපති මැදුරෙන් හමුවූ මුදල් අධිකරණය භාරයට..?ජනපති මැදුරෙන් හමුවූ මුදල් අධිකරණය භාරයට.. #lka #SriLanka #SLnews #LPY
Posted by Newsfirst.lk on Friday, July 29, 2022