.webp)
ඩී. එස්. සේනානායක අනුස්මරණ පලිහ වෙනුවෙන් මෙම තරගය පැවැත්වුණේ 143 වැනි වරටයි.
මෙම තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විය.
ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 242 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිමට රාජකීය ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 219 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවිය.
දෙවන ඉනිම සඳහා ශාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 4 ක් දැවී ලකුණු 144 ක් රැස් කරගෙන සිටියදී තරගය නතර කෙරිණි.
රයන් ප්‍රනාන්දු ලකුණු 74 යි.
පන්දු යැවීමේදී රාජකීය නායක ගිෂාන් බාලසූරිය කඩුලු 3 ක් බිඳ හෙලුවේ ය.
ඒ අනුව 2019 වසරේ ශුරයන් වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඩී. එස්. සේනානායක අනුස්මරණ පලිහ තවදුරටත් තමන් සතුව තබා ගැනීමේ අවස්ථාව හිමිවිය.