ඉන්ධන බෙදා හැරීමේ ජංගම වැඩසටහනක් ඉදිරියේදී

ඉන්ධන බෙදා හැරීමේ ජංගම වැඩසටහනක් ඉදිරියේදී - ඇමති කංචන විජේසේකර

by Chathurika Jayasundara 17-07-2022 | 5:58 PM

COLOMBO (News 1st) – ඉන්ධන බෙදා හැරීමේ ජංගම වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ත්‍රිරෝද රථ, බෙදාහැරීමේ යතුරුපැදි සහ කෑන් සඳහා ඉන්ධන පිරවුම්හල්වලින් බැහැර ස්ථානවල මෙම ජංගම ඉන්ධන ට්‍රක් රථ යොදා ගන්නා බවය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම ජංගම වැඩසටහන දිවයින පුරා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර, ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ(16) පැවසුවේ ය. අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ සතියකට අවශ්‍ය ඉන්ධන සලාක ක්‍රමයක් යටතේ ලබාදෙන බවයි. ජාතික හැඳුනුම්පත, චැසි අංකය හා විස්තර සත්‍යාපනය කළ QR කේතයක් ද නව බලපත්‍රයට ඇතුළත් කර තිබේ. ඒ අනුව, එක් හැඳුනුම්පතක් යටතේ ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත හැකි වන්නේ, එක් වාහනයකට පමණක් බව ද බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.