by Chathurika Jayasundara 14-07-2022 | 3:30 PM
COLOMBO (News 1st); හෙට(15) දින දක්වා විදේශ ගතවීමක් නොකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින එම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම ප්‍රතිඥාව ලබාදීම සිදු කළේ ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතාට හෙට දින දක්වා විදේශගත වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ද නිකුත් කළේ ය.
මෙම පෙත්සමට අදාළ මෝසම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කළේ ය.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණි.