පිට පළාත්වල සිට කොළඹට එන දුම්රිය අවලංගුයි

පිට පළාත්වල සිට කොළඹට එන දුම්රිය අවලංගුයි - සාමාන්‍යාධිකාරී

by Sagarika Chathumali 14-07-2022 | 1:05 PM

COLOMBO (News 1st) – ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ, කොළඹ සිට ආරම්භ කරන දුම්රිය පමණක් ගමනාන්ත වෙත ධාවනය කෙරෙනු ඇති බවයි. හෙට (15) අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ,  මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් මේ නියෝගය පනවනු ලැබූ බවයි.