COLOMBO (News 1st) – තම ග්‍රහණයේ පවතින ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය ඇතුළු රජයේ ගොඩනැගිලි යළි භාරදීමට තීරණය කළ බව අරගලකරුවෝ පවසති.
''ශ්‍රී ලංකාවේම පොදුජන සාමය රැකීම පෙරදැරි කරගෙන, පහුගිය දිනවල අත්පත් කරගත් ජනාධිපති කාර්යාලය ,අගමැති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය මේ මූලික ස්ථානවලින් ඉවත් වීමට සාමූහිකව තීරණය කර තිබෙනවා ''
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ , ගාලු මුවදොර අරගල භූමියේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ජාවකට එක් වෙමිනි.
අරගලකරුවන් පවසන්නේ, දින 97 ක් පුරා පැවති අවිහිංසාවාදී ජනතා අරගලය ඉතාමත් ජයග්‍රාහී මොහොතකට එළැඹී ඇති බවයි.
''කතානායකවරයාගේ ප්‍රකාශයත් සමග අපිට ස්ථීර වෙනවා. ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මේ මොහොතේ රට හැර ගියා සේ සලකා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සූදානම් වන මොහොතක් .මේ මොහොතේ අපි කියා සිටිනවා. අරගල භූමියේ අරගලකරුවන් විදිහිට අපි ජනතාවගේ සටන ජනතාවාදී සටන ජයග්‍රහණය කරලා තියෙනවා..''
කෙසේ වෙතත් අරගලකරුවන්ගේ දෙවැනි බල කර සිටින්නේ, රනිල් වික්‍රමසිංහ ද බලය අත් හැරිය යුතු බවයි.
''ඔහුට කිසිදු මානව අයිතියක් නෑ .ශ්‍රී ලංකා වාසීන්ගේ ජනමතයට විරුද්ධව තවදුරටත් ඉදිරියට පැමිනෙන්න''