by Staff writer 10-07-2022 | 5:19 PM
COLOMBO (News 1st) – ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද (10)පස්වරුවේ දිවයිනට ළඟා වූ ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, එම ගෑස් තොගය අනිද්දා(12) උදෑසන සිට බෙදා හැරෙන බවයි.
තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,740 ක් රැගත් දෙවන නෞකාව හෙට(11) පස්වරුවේ දිවයිනට ළඟා වෙයි.
ගෑස් මෙට්‍රික් ටොන් 3,200 ක් තෙවන නෞකාව මෙරටට ළඟාවීමට නියමිතව ඇත්තේ ලබන 15 වැනිදා ය.
ලෝක බැංකුව ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමට අනුව එම ගෑස් තොග මෙරටට ළඟා වෙයි.
ඒ අනුව ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලු මෙම මස අවසන් වනවිට සම්පූර්ණයෙන් මගහැරෙනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා සඳහන් කළේ ය.