ධුරයෙන් ඉවත් වීම ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

by Staff writer 09-07-2022 | 6:44 PM
COLOMBO (News 1st) - සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා බහුතරය ප්‍රකාශයට පත්වීමෙන් පසුව තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ පවසයි. එතෙක් රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.