තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලීමක්

තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඉල්ලයි

by Staff writer 03-07-2022 | 9:37 AM
ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන්නැයි තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර තිබේ. ඒ, එම සංවිධානයේ මහ සමුළුව අවසානයේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමිනි. සිය ආණ්ඩුව විධිමත් ආණ්ඩුවක් ලෙස පිළිගන්නැයි ඔවුන් එහිදී විදෙස් රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කළේ ය. එහෙත්, එම සමුළුවේදී කාන්තාවන්ට පාසල් අධ්‍යාපන වරම් ලබාදීම වැනි කරුණු පිළිබඳ ඔවුන් කිසිදු ඉඟියක් ලබා දුන්නේ නැත. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් බටහිර රටවල් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් සැපයූ අරමුදල් කපා හැර දැඩි සම්බාධක පනවනු ලැබුවේ ය. 4000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති තුන්දින සමුළුව අවසානයේ තලෙයිබාන් නායක හයිබතුල්ලා අකුන්සාඩා පැවසුවේ, සිය රටට විදෙස් රටවල් නියෝග නොකළ යුතු බවය.