by Staff writer 24-06-2022 | 3:35 PM
COLOMBO (News 1st) – පසුගිය මැයි මස 09 වැනිදා හා 10 වැනිදා කොළඹ , කොටුව හා තලංගම ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සිටි සිව් දෙනෙකු අද (24) ඇප මත මුදා හැරිණ.
ඒ , ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, ජෙහාන් අප්පුහාමි , සහ එරංග ගුණසේකර යන අයයි.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ ය.
රතිදු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර සහ පූජ්‍ය ජිනරතන හිමි ඇතුළු තිදෙනෙක් ජුලි මස පළමු වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.