තෙල් පෝලිමක තවත් මරණයක්

තෙල් පෝලිමක තවත් මරණයක්

by Staff Writer . 23-06-2022 | 4:16 PM

COLOMBO (News 1st) – හොරණ අඟුරුවාතොට බටගොඩ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු අද (23) උදෑසන ජීවිතක්ෂයට පත් විය.

මියගියේ, අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටි වීරප්පුලිගේ සුනිල් නමැති අවුරුදු 59 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික රබර් කිරි ප්‍රවාහනය කරන ආයතනයක බවුසර් රථයේ රියැදුරු දින අටක සිට ඉන්ධන පෝලිමේ රැඳී සිටියේ ය. රියදුරුට නිවසට යාම වෙනුවෙන් සුනිල්ට බවුසරය භාරදී තිබුණේ, ඊයේ පස්වරුවේයි. අද උදෑසන වන විට ඔහු මියගොස් තිබිණ.