''ඒ කියන්නේ අපිට දෙයියන්ගෙ පිහිටයි'' - වාසුදේව

by Sagarika Chathumali 23-06-2022 | 7:35 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උඟුලට හසු නොවිය යුතු බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

හිටපු ආමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ,ආනයනයට දොරවල් විවෘත කරන ලෙසත්, ආනයනයේ දොරටු වසා නොදමන ලෙසත් රටට කියා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවයි.
''ඇයි IMF එක නේ අපිට කියලා දුනනේ, ආනයනයට දොරවල් විවෘත කරපන්. ආනයනය සීමා කරන්න එපා. එතකොට මොකක්ද අපිට වුණේ? එතකොට අපිට මොකක් ද වුණේ, ආනයනයට යන වියදම ණයට ගන්න වුණා''
ඔහු වැඩිදුරටත් පැවසුවේ, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඇමරිකාවේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බවයි.
''මං දන්නේ නෑ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියෙ වුවමනාව අද ලෙව කකා ඉන්නෙ කවුද? ලෙව කකා ඉන්නෙ ඔය අගමැති එහෙම නැත්නම් ඒ අගමැතිට අනුග්‍රහය දෙන ඔය ජනාධිපති.. ඒ කියන්නේ අපිට දෙයියන්ගෙ පිහිටයි''