ඉන්දිය රජයේ නියෝජිතයින් 4 ක් දිවයිනට

ඉදිරි ආධාර ගැන සාකච්ජා සඳහා ඉන්දිය නියෝජිතයින් දිවයිනට

by Sagarika Chathumali 23-06-2022 | 10:04 AM

COLOMBO (News 1st) – ඉන්දිය රජයේ නියෝජිතයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ මෙරටට ලබා දෙන ඉදිරි ආධාර සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ දැනට ඩොලර් බිලියන 4ක පමණ ණය මුදලක් ලබා ගෙන ඇති බවයි.
''අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කරලා තියෙනවා. හැබැයි ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපිට ණය දෙන්න බැහැ. අනික් අතට අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක්  තිබිය යුතුයි. නැති වුණොත් කවුරුත් අපිට පිනට සල්ලි දෙන්නේ නැහැ. අපිට පුළුවන් තරම් ඉන්දියාව දුන්නා. දැන් ඉන්දියාවෙ බැංකුවලත් ප්‍රශ්න තියෙනවා''