by Staff Writer . 23-06-2022 | 8:00 PM
COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයේ සිට අමතර කොටස් ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ 05 ක් ඔරුගොඩවත්තේ ගබඩාවක තිබි රේගු භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ, නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බහාලුම් 02 ක තිබී ඒවා සොයාගත් බවයි.
එහි පළමු බහාලුමේ තිබි බෙන්ස් වර්ගයේ මෝටර් රථයක්,අවුඩි වර්ගයේ මෝටර් රථයක් සහ තවත් මෝටර් රථයක් තිබී සොයාගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, අනෙක් බහාලුමේ තිබි බි.එම් ඩබ්ලිව් වර්ගයේ සුඛෝපබෝගි මෝටර් රථ 02 ක්,විදේශ රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් 1000ක්,එන්ජින් ඔයිල් කෑන් 100 ක් ද සොයා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රේගුව පරීක්ෂණයක් ආම්භ කර තිබේ.