රතිදූ (රැට්ටා) ඇතුළු  7ක් රක්ෂිත බන්ධනාගාරයට

රතිදු (රැට්ටා), ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ ඇතුළු 7ක් රක්ෂිත බන්ධනාගාරයට

by Staff Writer . 22-06-2022 | 7:45 PM

COLOMBO (News 1st) –  පසුගිය දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධාතවක නිරත වී මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා , ධම්මික මුණසිංහ , ලහිරු වීරසේකර ,පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ,ජගත් මනුවර්ණ ,එරංග ගුණසේකර හා ජෙහාන් අප්පුහාමි යන අය ද සිටිති. ඔවුන් අද පස්වරුවේ ඔවුන් මරදාන පොලිස් ස්ථානයට පැමිණ භාර විය.