කැමරා ශිල්පී හේමපාල තලේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය කැමරා ශිල්පී හේමපාල තලේ අභාවප්‍රාප්ත වෙයි

by Staff Writer . 22-06-2022 | 3:17 PM

COLOMBO (News 1st) –  මෙරට පළමු ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂවරයා වූ ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය කැමරා ශිල්පී එම්.වී.හේමපාල තලේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 82 වැනි වියේ පසුවිය. සත්සමුදුර, කෙළිමඩල , වැලිකතර වැනි සම්මානනීය සිනමා නිර්මාණවලට කැමරාවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් හේමපාල තලේ මහතා මෙරට ටෙලි නාට්‍ය කලාවේ ආරම්භක නිර්මාණ දායකයෙකි. දිමුතු මුතු , කළු සහ සුදු ,රේඛා ආදී මුල් කාලීන ටෙලිනාට්‍ය නිර්මාණය වූයේ ඔහුගේ කැමරා අධ්‍යක්ෂයෙනි. අභාවප්‍රාප්ත එම්.වී.හේමපාල තලේ මහතාගේ අවසන් කටයුතු හෙට සවස ඉංගිරියේදී සිදුකිරීමට නියමිතයි.